කොරෝනා විකෘති වෛරසය ආසාදනය වූ 12ක්


විදේශීය කොරෝනා විකෘති වයිරස ප්‍රභේද ආසාදනය වූ තවත් 12 දෙනකු මෙරටින් අලුතින් හමුවී තිබේ.

දකුණු අප්‍රිකාවේ විකෘති වයිරස ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනෙක් ද, බ්‍රිතාන්‍යයේ විකෘති වයිරස් ප්‍රභේදය හත් දෙනෙක් ද, ඩෙන්මාර්ක්ස් විකෘති වයිරස ප්‍රභේදය ආදානය වූ තිදෙනෙක් ද මෙසේ හඳුනාගෙන තිබේ.

මෙම විකෘති වයිරස ප්‍රභේද ආසාදනය වූ 12 දෙනා වෙන් කර නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.



Recommended Articles