කොරෝනා මරණ ගැන අසත්‍ය ප්‍රචාර ගෙන යන පිරිස් සම්බන්ධයෙන් විමර්ශන


කොරෝනා ආසාදනය වු පුද්ගලයින් මහා මාර්ග අසල මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා ආසාදනය වි මියගිය පුද්ගලයින් බව පවසමින් ජායාරූප පළකර ඇති පුද්ගලයින් පිළිබදව විමර්ශනය කෙරෙන බවයි.

 



Recommended Articles