කොරෝනා පොකුරු බස්නාහිර පළාතේ පැතිරිලා


කොවිඩ් 19 ආසාදිත පොකුරු බස්නාහිර පළාතේ පැතිර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

“රෝගයේ ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් සිදුවෙනවා. මෙම පොකුරු බස්නාහිර පළාත තුළ පැතිරී තිබෙනවා. ඒ නිසා බස්නාහිර පළාතේ ජීවත්වන අය වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු වෙනවා.” යැයි ඔහු පැවැසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල ජනතාවද සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරන ලෙසයි.



Recommended Articles