කොරෝනා නිසා මේ දක්වා මහා බ්‍රිතාන්‍යයේදී ලාංකිකයන් 9ක් මරුට


ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මේ දක්වා මහා බ්‍රිතාන්‍ය තුළ ශ්‍රී ලාංකිකයන් 9ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මිය ගිය අය අතර එංගලන්තයේ කොවිඩ් 19 මර්දන ව්‍යාපාරයට සක්‍රීය ලෙස දායකත්වය දුන් වෛද්‍යවරුන් දෙදෙනෙක්ද වෙයි.

ඔවුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇත්තේ එම මර්දන ව්‍යාපාරය හා එක්වීම හේතුවෙනි.

මේ දක්වා මහා බ්‍රිතාන්‍යයේදී මිය ගිය ශ්‍රී ලාංකිකයන්ගේ විස්තර  

01 -  හෙන්රි ජයවර්ධන (ලන්ඩන් නුවර ඉංජිනේරුවෙක් වශයෙන් සේවය කළේය)

02 - ලකී විජේර්තන (අවුරුදු 61/ලන්ඩන් නුවර පදිංචිව සිටියේය)

03 - සිදම්බරම් පිල්ලේ කුග ප්‍රසාද් (අවුරුදු 75/ ආදායම් බදු නිලධාරියෙක් ලෙස සේවය කළේය)

04 - ලොකු ලියන වඩුගේ සුදත් තිලකසිරි ( නැගෙනහිර ලන්ඩනයේ පදිංචිව සිටියේය/ පානදුර සුමංගල විදුහලේ ආදි සිසුවෙකි)

05 - අනුර ගාල්ලගේ (අවුරුදු 62/උතුරු ලන්ඩනයේ පදිංචිව සිටියේය)

06 - ලලිත් චූල පෙරේරා (අවුරුදු 72/ලන්ඩන් ඇක්ටන් හි පදිංචිව සිටියේය/ කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකි)

07 - වෛද්‍ය ඇන්ටන් සෙබස්තියන් පිල්ලේ (අවුරුදු 75/ කිංග්ස්ටන් රෝහලේ විශ්‍රාමික වෛද්‍යවරයෙකි)

08 - වෛද්‍ය සිව නන්දන් (අවුරුදු 76/ විශ්‍රාමික වෛද්‍යවරයෙකි)

09 - උතුරු එංගලන්තයේ වැඩිහිටි නිවාසයක සිටි අවුරුදු 80ක පුද්ගයෙක්.

මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුටම මහා බ්‍රිතාන්‍ය තුළ කොවිඩ් 19 ආසාදනය වී තිිබේ.

එසේම මේ දක්වා ඇමෙරිකාවේ දෙදෙනෙක්, ඉතාලියේ එක් අයෙක්, ස්විට්සර්ලන්තයේ එක් අයෙක් හා ඔස්ට්‍රේලියාවේ එක් අයෙක් ලෙස ශ්‍රී ලාංකිකයන් 14ක් විදේශයන්හිදී කොවිඩ් 19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles