කොරෝනා නැති රටවල් 19ක්


එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ රටවල් 193ක් අතරින් මේ දක්වා කොරෝනා රෝගීන් වාර්තා වී නොමැති රටවල් 19ක් බී.බී.සී. පුවත් සේවය විසින් එළිදක්වා තිබේ.

ඒ අනුව කොමරූස්  කිරිබති, ලෙසතෝ, මලාවි, මාෂල් දූපත්, මයික්‍රානේෂියා, නාවුරු, උතුරු කොරියාව, පලාවූ, සැමෝවා, සාඕ තෝමේ හා ප්‍රින්සිපේ, සොලමන් දූපත්, දකුණු සුඩානය, තජිකිස්තාන්, ටොංගා, ටර්කිමෙනිස්තාන, තුවාලු, වනවාටු, යේමන්  යන රටවල්වලින් අප්‍රේල් 02 දා වන විට කොවිඩ් රෝගීන් වාර්තා වී නොමැත.

ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත යොදාගෙන මෙම ගණනය සිදුකර තිබේ.

කෙසේ වෙතත් මෙහිදී ඇතැම් රටවල (උදා උතුරු කොරියාව) දත්ත පිළිබඳව ගැටලුවක් ඇති බව විශේෂඥයෝ සඳහන් කර තිබේ.



Recommended Articles