කොරෝනා ආසාදිතයින් ගණන 248 දක්වා ඉහළට


නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 248ක් දක්වා ඉහළ  ගොස් තිබේ.

අද (18) දිනයේදී මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් සිවු  දෙනෙකු  වාර්තා වී ඇත.

මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් තිදෙනෙක් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිය අයවලුන් වන අතර අනෙක් රෝගීයා රඹුක්කන ප්‍රදේශයේ කාන්තාවක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කරයි.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 164ක් වේ.



Recommended Articles