කොරෝනා ආසාදිතයන් 238ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාව තුළ අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 5ක් හමුවූ බවත් ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 238ක් දක්වා වර්ධනය වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද වාර්තා වූ රෝගීන් 5 දෙනාගෙන් 4 දෙනෙක්ම නිරෝධායනයට ලක්වෙමින් සිටි අය බවත් අනෙක් පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.



Recommended Articles