කොරෝනා ආසාදිත රත්ගම ප්‍රා.සභා මන්ත්‍රීගේ දරුවන්ටත් කොවිඩ්


කොවිඩ් ආසාදිත රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.එච්. ධර්මසිරි මහතාගේ ආශ්‍රිතයින්වූ ඔහුගේ පාසල් යන දරුවන් දෙදෙනාද  කොවිඩ් -19න්  ආසාදිතයින් බවට හදුනාගත් බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.

මේ දරුවන් දෙදෙනාම අම්බලන්ගොඩ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබති.

 කොරෝනා පාසල් නිවාඩුවෙන් පසු මේ දරුවන් දෙදෙනාම පාසල් නොපැමිණි බව ඔවුන් යන පාසල් වල විදුහල්පතිවරු පැවසූහ.

ධර්මසිරි මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන පී.සී.ආර්.පරීක්ෂණ කළ ඔහුගේ භාර්‍යාව ඇතුළු අනෙක් ආශ්‍රිතයින්ට කොවිඩ් -19න් ආසාදිත බවට තහවුරු නොවූ බවද හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ ප්‍රකාශකයකු කීවේය.

කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත සහ ගෝනපිනුවල දයා සිරිල් ධම්මික



Recommended Articles