කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයන් 113ක් දිවයිනට


ඉන්දියාවේ කොයිම්බතූර් හි ඉගෙනුම ලැබීමට ගොස්  සිටි ශ්‍රී ලාංකික සිසුන් හා එරට පුහුණුවට ගොස් සිටි හමුදා සාමාජිකයන්  113 ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් අද (26දා) දහවල් කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.

ඔවුන් ගුවන් යානය තුළ සෞඛ්‍යාරක්ෂිතව , දුරස්ථභාවයකින් යුතුව කුඩා කණ්ඩායම් ලෙස අසුන් ගන්වා තිබු අතර ගුවන් යානයෙන් පිටතට ගැනීමේදීත් , එම කණ්ඩායම් අනුවම එය සිදු කෙරුණි.

පසුව මේ පිරිම ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් , නිරෝධායන කටයුතු සඳහා එම මධ්‍යස්ථාන වෙත විශේෂ බස් රථ මගින් රැගෙන යනු ලැබීය .



Recommended Articles