කොන්සියුලර් අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි


විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල සහතික කිරීමේ සහ සත්‍යාපන ඒකකයේ පරිගණක පද්ධති බිඳවැටීම විසඳා ඇති අතර, සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ සේවාව 2022 සැප්තැම්බර් 20 (හෙට) දින සිට නැවත ආරම්භ වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙයි. කොන්සියුලර් අංශයේ අනෙකුත් සියලුම සේවාවන් ද අඛණ්ඩව සපයනු ලැබේ.

සේවා ලබා ගැනීමට පැමිණෙන අයට වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථන ඔස්සේ සම්බන්ධ විය හැක.

• කොන්සියුලර් කටයුතු අංශය, කොළඹ 01:       0112338812/0112338843

• ප්‍රාදේශීය කාර්යාලය, යාපනය:                        0212215970

• ප්‍රාදේශීය කාර්යාලය, ත්‍රිකුණාමලය:                 0262223182

• ප්‍රාදේශීය කාර්යාලය, මහනුවර:                       0812384410

• ප්‍රාදේශීය කාර්යාලය, කුරුණෑගල:                   0372225941

• ප්‍රාදේශීය කාර්යාලය, මාතර:                           0412226697

 



Recommended Articles