කොන්ක්‍රීට් මිශ්‍රකරන ටැංකි සහිත ලොරි රථ දෙකක් අනතුරට පත් වීමෙන් එක් ලොරි රථයක රියදුරු සහ අනෙක් ලොරි රථයේ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත (22) දින අතුළත් කල බව පූඩළුඔය පොලිසිය පැවසීය.
මෙම අනතුර සිදු වී ඇත්තේ පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ හෙරෝවත්ත ප්‍රදේශයේ දීය.
එම වතුයායේ ගොඩනැගිල්ලක් ඉදි කිරිම සදහා කොන්ක්‍රීට් මිශ්‍ර වාහන දෙක ධාවනය කර ඇති අතර, ඉදිරියෙන් ධාවනය වූ එක් ලොරි රථයක් එම වතුයායට පිවිසෙන් මාර්ගයට ඇතුළත් කිරිමත් සමග එම ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදි ඊට පහළින් ප්‍රධාන මාර්ගයෙ එම වතුයායටම ගමන් ගත් අනෙක් කොන්ක්‍රීට් මිශ්‍ර ටැංකි සහිත ලොරි රථයට පෙරලී මෙම අනතුර සිදු වී ඇත.
අනතුරින් කොන්ක්‍රීට් මිශ්‍ර ටැංකිය සහිත ලොරි රථ දෙකටම බරපතල ලෙස හානි සිදු වි ඇත.