කොත්මලේට වැටෙන වැස්ස නිසා කොත්මලේ ගම්පොළ මාර්ගය වසයි


කොත්මලේ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කොත්මලේ ගම්පොළ බී 431 ප්‍රධාන මාර්ගය (14) දින පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා පැවසීය.

 එම මාර්ගයේ මීට ප්‍රථම නාය ගිය පරගම්මන ප්‍රදේශයේ යලිත් මාර්ගය ඉරිතලා නායයෑමේ අවධානමක් පවතින නිසා එම මාර්ගය තාවකාලිකව වසා දැමූ බවත්, ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

 



Recommended Articles