කොතලාවල වෛද්‍ය උපාධිය සීමා කිරීමට හේතුව කියයි


විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයත් සමග සීමාවාසික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළුව හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදැරීම සීමා කිරීමක් සිදු කළ බවත්, මෙම ගැටළුවට ස්ථීරසාර විසඳුමක් ලැබුණු පසු ඒ පිළිබඳ තීන්දුවක් ගන්නා බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (03දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 



Recommended Articles