නව බදු ප්රතිපත්තියට විරෝධය දක්වමින් තෙල්, වරාය, විදුලිය හා ජල ඒ්කාබද්ධ වෘත්තීය සමිති කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරතවෙමින් සිටියි. මේ වන විට කොළඹ කොටුවේ තරමක රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.
විරෝධතාකරුවන්ට සාමකාමීව විසිර යන ලෙස පොලීසිය ශබ්දවාහිනී යන්ත්ර යොදාගෙන දැනුම් දුන්නේය. ඒසේම පොලීසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.