කොටහේන සුමිත්‍රාරාම මාවත ප්‍ර දේශයේ නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙකුට හා කාන්තාවකට වෙඩි තබා පළා යාමේ සිදුවීමට අදාළව සැකකරුවන්ට පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී වෙඩික්කරුගේ යැයි සැකකරන සැකකරුගේ ඡායාරූපයක් අපරාධ වාර්තා කොට්ඨාසය විසින් චිත්‍රණය කර තිබේ.
සැකකරුගේ චිත්‍රණය කරන ලද ඡායාරූපය මාධ්‍ය වෙත යොමුකර ඇති අතර සැකකරු පිළිබඳ තොරතුරක් දන්නේ නම්,
ස්ථානාධිපති කොටහේන - 071 8591571
ස්ථානාධිපති අපරාධ - 074 0253623 යන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.