කොටහේන ඝාතනයට හයක් අල්ලයි


කොටහේනේදී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරිමට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගත් බව 
පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම වෙඩි තිබිම පසුගිය 07 දා දින සිදු වු අතර මුලින්ම පසුගිය 09 දා වන විට සැකකරුවන් 02ක් හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණි. ඉන් අනතරුව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සිදු කළ වැඩිදුර විමර්ශන අනුව තවත් සැකකරුවන් දෙදෙනෙක් හා සැකකරියක් ඊයේ දිනය වන විට අත්අඩංගුවට ගෙන තිබුණි.



Recommended Articles