කොටස් වෙ‍‍ළඳපොළේ දැවැන්ත කඩා වැටීමක්


අද (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය.

අද දිනයට ගනුදෙනු අවසාන් කරන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 271.75 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 103.42 කින් පහළ ගොස් තිබු‍‍‍ණි.

ඒ අනුව එය පි‍ළිවෙ‍ළින් එම දර්ශකවල සියයට  3.03% ක හා 3.95% ක පහළ යාමකි.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,711.46 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,514.37 ක් ලෙසින් සටහන්ව තිබුණි.

සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ 11 වෙනි දිනටයි.



Recommended Articles