කොටදෙණියාව කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් ඉන්දීය ජාතිකයෙක් ජිවිතක්ෂයට


කොටදෙණියාව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක බොයිලේරුවක සිදුවූ පිපිරීමකින් ඉන්දීය ජාතික සේවකයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

‪මෙම පිපිරීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

‪සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකෙරේ.

 



Recommended Articles