තලවකැලේ සිට පැමිණ කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ මෝය කටේ දිය නාමින් සිටි පිරිසක් අතරින් තිදෙනෙකු දියෙ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
අතුරුදන්වූ අය අවුරුදු 22,20 හා 23 යන වයස්හි පසුවන්නෝ වෙති. අතුරුදන්වූ අය සොයා පොලීසිය හා නාවික හමුදාව මෙහෙයුම් කටයුතු සිදුකරමින් පවතින බව පොලීසිය පවසයි.

