කොග්ගල ඇඟළුම් කම්හලක 100කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ


කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක අද (3දා) ආහාර විෂ වීමෙන් 114 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
 
රෝහල් ගත කළ සියලු දෙනා සේවිකාවන් වේ.
 
අද උදෑසන ආයතනය මගින් ලබාදුන් ආහාර වීමෙන් අනතුරුව ඇඟලුම් සේවිකාවන්  රෝගී වී ඇති අතර  රෝගී වූ ඇඟලුම් සේවිකාවන් ඉමදුව, අහංගම, කලුගල හා කරාපිටිය රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
 
හබරාදුව පොලිසිය පරික්ෂණ පවත්වයි.


Recommended Articles