කේරළ ගංජා කිලෝ 104 කට අධික තොගයක් නාවික හමුදා භාරයට


නාවික හමුදාව ‍විසින් 2020 ජුනි මස 12 වන දින යාපනය , කුසුමන්තුරේ වෙරළතීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන ති​බේ.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය , ඩිංගි යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් දෙදනා (02) ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉලවා‍ලෙයි පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.



Recommended Articles