කේක් මිලත් ඉහළට


මෙවර උත්සව සමයේ කේක් කිලෝවක මිල රුපියල් 1,500 දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන මහතා පවසයි .

ඊට හේතු වී ඇත්තේ බිත්තර මිල ඉහළ යාම සහ පවත්නා  බිත්තර හිඟය බවත්  කේක් මිල ඉහළ යෑම මත  උත්සව සමයේ දී කේක් සඳහා පවතින ඉල්ලුම ද සියයට 25කින් අඩු වී ඇති බවත් ජයවර්ධන මහතා පැවසීය.



Recommended Articles