කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම්ගේ ගිණුමට ලැබුණ මුදල් කෙහෙළියගේ දියණිය අරගෙන

තමාගේ ගිණුමට ලැබුණු සියලු මුදල් ලබා ගත්තේ හිටපු අමාත්‍ය කෙහෙළි අරඹුක්ගල්ල මහතාගේ දියණිය වන අමාළි රඹුක් කරලා මහත්මිය විසින් බව කෙහෙළිය රඹු කරල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා ප්‍රකාශ කළ  බව අල්ලස් කොමිෂම කොළඹ ප්‍රධාන මහේශාක් අනුජා ලක්මාලි මහත්මියට ඊයේ 26 දැනුම් දුන්නේය.

තමාගේ නමට ගිණුමක් විවෘත කර ඇතත් එම ගිණුමේ පාස් පොත ඇතුළු සියලු දේ ඇත්තේ අමාළි රඹුක්වැල්ල  මහත්මිය ළඟ බව බස්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව අල්ලස් කොමිෂම ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින්  දැනුම් දුන්නේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කළ 2021/2023 කාලයේදී ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට  පුද්ගලයින් 15 දෙනකු  බඳවාගෙන ඔවුන්ට ගෙවන ලද වැටුප් ,අතිකාල දීමනා තම පුද්ගලික වියදම් සහ දේශපාලන කටයුතු වලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික  පාඩුවක් කලයි කියන  සිද්ධියක්  සම්බන්ධයෙන්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ ලැබූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිෂන් මේ බව දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට අල්ලස් කොමිසමට පැමිණි සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත්තේ යැයි දැනුම් දුන්හ.

සචිත්‍ර ගුණසේකර

Recommended Articles