කෙහෙළියගේ නිවසේ සේවිකාවක් අල්ලයි


හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසේ සේවිකාවක් ලෙස  කටයුතු කළ කාන්තාවක් අද (11දා) අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට නාමිකව පත් වීම ලබා දී රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිත කිරීම පිළිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්බන්ධව  මේ වන විට සිදු වන විමර්ශනයට අදාළව මේ අත්අඩංගුවට ගැනීම සිදු විය.  සැකකාරිය ඔහුගේ නිවසේ සේවය කළ ඇඹිලිපිටිය  ප්‍රදේශයේ පදිංචි කාරියකි. 
 
 



Recommended Articles