කෙසෙල්වත්ත දිනුකගේ සමීපතමයෙක් අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘‘කෙසෙල්වත්තේ දිනුක’’ නමැත්තාගේ සමීපතමයෙකු කැළණිය වටරවුම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12, සූරියමල්පුර ප‍්‍රදේශයේ පදිංචි තරිඳු ශනිල්ක සංකල්ප නොහොත් ‘‘කෙසෙල්වත්තේ රයිනා’’ නමැත්තෙක්.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 05 ක්, සිම් කාඞ්පත් 19 ක්, ජංගම දුරකථන 03 ක් හා යතුරු පැදියක් ද පොලීස් භාරයට ගෙන තිබේ. 

 



Recommended Articles