කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව උද්‍යාන අලංකරණයට ආදර්ශ කෘෂි වගා සැලැස්මක්


වගාවට නැඹුරුවක් ඇති කරන ආකෘතියක් සහිතව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල 2020.08.31 (අද) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  ප්‍රධානත්වයෙන් ආරම්භ විය.එහි සමාරම්භය සනිටුහන් කරමින් අමාත්‍යතුමා විසින් ගොවිජන මන්දිර පරිශ්‍රයේ ගඩුගුඩා පැළයක් රෝපනය කළේය.

නව සැලැස්මක් යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ උද්‍යාන අලංකරණ කටයුතු විධිමත්ම සිදු කිරීම මේ යටතේ සිදු වේ. හෙළ බොජුන් අලෙවි සැල අසල ඇවිදින මංතීරුවක් ඉදි කිරීම ද මෙහිදී සිදු වේ. මෙම කටයුතු මසක් ඇතුළත සිදු කිරීමට ගරු අමාත්‍යතුමා විසින් උපදෙස් ලබා දී ඇත.



Recommended Articles