කූඨ ලේඛණ සකස් කළ තිදෙනෙකු අත්අඩංගුවට


කුඨ ලේඛණ සකස් කිරිම හා අනුබල දිමේ චෝදනාව යටතේ සැකකරුවන් 3 දෙනෙකු බොරැල්ලේදි අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබි පරිගණක යන්ත්‍රයක්,මුද්‍රණ යන්ත්‍රයක්, ව්‍යාජ රබර් මුද්‍රා සහ ව්‍යාජ ලේඛණ රැසක්ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

29 හා 30 සහ 46 වියැති සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Recommended Articles