කුළුබඩු කර්මාන්තකරුවන්ගේ ජාලයක් ගොඩ නැගීමට යයි


දිවයින පුරා විසිරී සිටින කුළුබඩු එක්‍ රැස් කරන්නන් සහ කුළුබඩු සැකසුම් කරුවන් ලියා පදිංචි කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කුළුබඩු කර්මාන්ත  සැපයුම් ජාලයක් ගොඩනැගීම හා කුළුබඩු කර්මාන්ත කරුවන් ට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සැපයෙන සේවා විධිමත්ව ලබා දීම මෙහි අරමුණයි.

ගම්මිරිස් ,කෝපි ,කොකෝවා ,සාදික්කා ,කරාබු නැටි,එනසාල් ,වැනිලා,බුලත් ,කරුංකා,සේර,පැඟිරි ,ගොරකා,කහ සහ ඉඟුරු යන කුළුබඩු කර්මාන්තකරුවන්ට මේ යටතේ ලියා පදිංචි විය හැකිවේ.

මේ අනුව මෙම කරමාන්තයන්හි ‍යෙදෙන  සුළු ,මධ්‍ය හා මහා පරිමාණ කුළුබඩු කර්මාන්ත කරුවන් පෙබරවාරි 29 දක්වා  අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කරගන්නා බව  අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ.පී.පී.දිස්නා මෙනෙවිය පැවසුවාය .

ජේ. ඉඳුුුරුව‌ගේ



Recommended Articles