පානදුර ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැරිමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.
ඒ ශරිර ඇප දෙකක් සහ රුපියල් මිලියනයක මුදල් ඇප මතයි.
කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවතත් සැප්තැම්බර් 9 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.