කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගල​යෙකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට


විශේෂ කාර්ය  බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලම්පිටිය පොලිස් වසමේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අන්තරාදායක මත්ද්‍රව්‍යක් වන කුෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන අලවිකිරිමට සුදානමි කර සිටි වැල්ලමිපිටිය  ප්‍රදේශයේ  පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.



Recommended Articles