කුවේට් රාජ්‍යයෙන් සෞඛ්‍ය උපකරණ පරිත්‍යාගයක්


කුවේට් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව වෙත සෞඛ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇති අතර , ඒවා අද දින අලුයම ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

කිලෝ ග්‍රෑම් 2,489 ක් බර මෙම ආධාර තොගය ඇසුරුම් 100 ක අසුරා තිබුණි .

කුවේටයේ රතු කුරුස සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ රතු කුරුස සංවිධානය වෙත මෙම සෞඛ්‍ය වෛද්‍ය උපකරණ තොගය එවා තිබුණි .

අද දින අලුයම 4.21 ට කුවේටයේ සිට පැමිණි ජසීරා ගුවන් සේවයේ ජේ.- 9551  දරන ගුවන් යානයෙන් මෙම ආධාර තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

එම ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ නිලධාරීන් පිරිසක් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

 



Recommended Articles