කුවේටයේහිදි හිංසනයට ලක්වු කතුන් 32ක් යළි දිවයිනට


කුවේටයේ  ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට භාජනය වි  පසුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රදවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 32 ක් අද (24)  දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

ඔවුන් තම හාම්පුතුන්ගේ නිවෙස් වල සේවය කරමින් සිටියදි  මෙසේ හිරිහැර , කරදර වලට ලක් වි  ඇති අතර ඒවා තවදුරටත් ඉවසා ගෙන සිටිය නොහැකිව මෙසේ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබුණි .

මෙම සියලු දෙනා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් වූහ.

ඔවුන් අද  දින උදෑසන 9.20 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත මේ පිළිබඳව පැමිණිලි  කිරිමෙන් පසුව , ඔවුන්ගේ ගම්බිම් බලා පිටත්ව ගියහ .

 



Recommended Articles