කුවේටයේ හිරිහැරයට ලක්වූ 58ක් යළිත් දිවයිනට


කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් එරටදී විවිධ හිරිහැරට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද (04දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු එවා තිබුණි.

කුවේටයේ තානාපති කාර්යාලයේ " සුරක්ෂා"  රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි කාන්තාවන් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම පිරිස අතරින් වැඩි පිරිසක් ඔවුන්ගේ වියදමින් ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබුණ අතර , තවත් සුළු පිරිසකට ගල්ෆ් ඉන්ෂුවරන්ස් ආයතනය මගින් ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දී තිබුණි.



Recommended Articles