කුවේටයේ හිරිහැරයට භාජනය වූ 28ක් යළි දිවයිනට


ගෘහ පාලිකාවන් ලෙස කුවේට්හි සේවයට ගොස් විවිධ  අතවර හා හිංසාවලට  ලක්වූ  ලාංකික  කාන්තාවන්  26 දෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු යු. එල්. 230 දරණ  ගුවන් යානයෙන් අද  (11දා)  දිවයිනට  පැමිණියහ.

මෙලෙස පැමිණි පිරිස  අතර අත්පා වලට  සහ හිසට  බරපතල ලෙස පහර  ලැබ   සිටි  කාන්තාවන් කීප දෙනෙකුද  සිටිනු දක්නට ලැබිණි.   මේ අතර  වැටුප්  සහ ආහාර  නොලබා  සිටි කාන්තාවන්ද වූහ.  මෙම පිරිස  කටුනායක  පිහිටි  සහන පියසට  රැගෙන ගොස්  ඔවුන්ගේ නිවෙස් වෙත යාමට ගමන් වියදම් ලබා දෙන බව  ගුවන්තොටුපළ  විදේශ සේවා  නියුක්ති කාරයංශයේ  නිළදාරිනියක පැවසීය.

සීදුව විශේෂ  ප්‍රසාද් මුතුකුඩ



Recommended Articles