කුවේටයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට


කුවේටයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 118 දෙනෙකු 03/08 දින මධ්‍යම රාත්‍රී  කුවේට් සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස එසේ විදේශ රටවල රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව සිටින පිරිස් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ ගෙන්වා ගෙන තිබුණි .

ඔවුන් 03/08 දින මධ්‍යම රාත්‍රී 11.35 ට කුවේටයේ සිට පැමිණි ජසීරා ගුවන් සේවයේ ජේ - 9551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙසේ පැමිණි පිරිස අතරින් වැඩි ගුවන් මගීන් පිරිස , එරට ගෘහ සේවය සදහා ගොස් සිටි කාන්තාවන් විය .

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles