කුවේටයේ අසරණ වී සිටි ලාංකිකයන් 297ක් දිවයිනට


කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී සිය හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදවුම් කදවුරු වල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 297 දෙනෙකු ඊයේ  දින රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙම පිරිස මෙසේ ගෙන්වා ගෙන තිබුණි .

ඔවුන් ඊයේ දින රාත්‍රී 9.15 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන විශේෂ ගුවන් යානයෙන් කුවේට් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි වෛද්‍ය රසායනාගාරය තුළින් මෙම පිරිස නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීමෙන් පසුව , ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන ක්‍රියාවලිය සදහා රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ .

 

 



Recommended Articles