කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනය වසා දැමීමේ සූදානමක්?


කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතනයේ වත්කම් හා ඉඩම වයඹ විශ්වවිද්‍යාලයට පවරා එම විද්‍යාතනය වසා දැමීමට කටයුතු කෙරෙමින් පවතින බව එහි සිසූහු පවසති.

එම විද්‍යාතනයේ සිසුන් හා  විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවැති හමුවකදි ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙම හමුව අද (02දා) පෙරවරුවේ විජේරාම නිවසේදී පැවැත්විණි.  දැනට සිසුන් 660ක් පමණ වයඹ විශ්වවිද්‍යාල විද්‍යාතනයේ අධ්‍යාපනය ලබයි. මෙහිදි අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ රැකියා විරහිත භාවයට ඉතා ප්‍රයෝජනවත් වැඩපිළිවෙලක් වන මෙම විද්‍යාතන වසා දැමීම නොව රටපුරා ව්‍යාප්ත කිරීම යුගයේ අවශ්‍යතාවය බවයි.

ඉදිරියේ පත්වන තම රජයකින් මේ පිළිබඳව වඩා අවධානය යොමුකරන බව ඔහු සඳහන් කරයි.



Recommended Articles