කුරුණෑගලින් සමස්ත කොවිඩ් ආසාදිතයන් 125ක්


කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඊයේ (25දා) දිනය වනවි වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 127ක් වන බව කුරුණෑගල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ඉන්දික පතිරණ මහතා සඳහන් කළේය.

මෙයින් වැඩිම පිරිසක් වාර්තා වී තිබෙන්නේ කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය බළ ප්‍රදේශය ආශ්‍රිතව වන අතර එම ආසාදිතයින් සංඛ්‍යාව 54 කි.

මෙම සංඛ්‍යාවෙන් 53 දෙනෙකුම කුලියාපිටිය විවාහ මංගල උත්සවයකට සහභාගි වූ පොකුරට අයත් වූවන් වන අතර එක් අයෙකු පමණක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හා සම්බන්ධ ආසාදිතකු බව හඳුනාගෙන ඇත.



Recommended Articles