කුරුණෑගලින් තවත් ආසාදිතයන් 3ක් හමුවෙයි - කුරුණෑගල සමස්ත ගණන 21


කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් තිදෙනෙකුට  කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය. 

කාන්තාවන් දෙදෙනෙකුට සහ එක් පිරිමි පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් තිදෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලැබ පැමිණ සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික සෙබළුන්ගේ ඥාතීන් බවද කියයි . මෙම ආසාදිතයන් තිදෙනාද සමග මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 21 කි.



Recommended Articles