කුරුණෑගලට සයිනොෆාම් 50000ක්


කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට  ලබා දීම සදහා සයිනෝෆාම් එන්නත් 50000 ක ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  පැවසීය.

ඔහු සදහන් කර සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ට වැඩි  සියළු දෙනාට  කොවිඩ් -19 මර්දන එන්නතෙහි පලමු මාත්‍රාව ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

ලැබී ඇති සංඛ්‍යාලේඛන වලට අනුව කුරුණෑගල  දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි  පුද්ගලයන් ලක්ෂ  11 ක්  පමණ සිටින බවත් ඒ අනුව  අදියරෙන් අදියර සියලු දෙනාට එන්නත ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය . 

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පෝලිම්වල  අනවශ්‍ය තෙරපීම් හා පොරකෑම් අවම කිරීම සඳහා පැයකදි පුද්ගලයින් 100 කට එන්නත ලබා දීමට දේශපාලන අධිකාරිය හරහා දැනුම් දී ඇති බවයි.



Recommended Articles