කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා මාරු කරයි


කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර යවා ඇත .

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය විසින් එම ස්ථාන මාරුව සම්බන්ධයෙන් වන නියෝගය එවා ඇති අතර , අදාළ ස්ථාන මාරුවෙන් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බැලීම සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතාව පත්කර ඇත .

කොව්ඩ් 19 වසංගතය මර්දනය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය විසින් චෝදනා එල්ල කර තිබෙන අතර , එම චෝදනා  සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන තෙක් ඊයේ (6) දිනයේ සිට අදාළ ස්ථාන මාරුව ලබාදී ඇත .



Recommended Articles