කුරුණෑගල රෝහලේ ස්කෑන් පරීක්ෂණ සඳහා 2138ක් පෝලිමේ


කුරුණැගල ශික්ෂණ රෝහලේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරික්ෂණ සිදුකරණ උපකරණ 02ක් අක්‍රියවිම නිසා  ශරිරයේ විවිධ අංශ හා අවයව  සදහා ස්කෑන් පරික්ෂණ වෙනුවෙන් මෙම වර්ෂයේ මැයි මස වනවිට දින ලබාදි ඇති රෝගින්ගේ  සංඛ්‍යාව 2138  දක්වා වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

රෝගින්ගේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරික්ෂණ සිදුකිරිම සදහා  කරුණැගල ශික්ෂණ රෝහල සතුව  ඉකුත් වර්ෂයේ ඔක්තෝබර් මස වනවිට ක්‍රියාකාරිව පැවති සවුන්ඩ් ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර සංඛ්‍යාව 03කි. උපකරණ 02ක් අක්‍රියව පවති. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර 02ක් අක්‍රියවිම නිසා 2024 වර්ෂයේ ඔක්තෝබර් මස සිට මෙම වර්ෂයේ මැයි දක්වා කාලය තුල  ස්කෑන් කිරිම සදහා දින ලබා දි ඇති රෝගින්ගේ සංඛ්‍යාව 2138ක් වු  බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 මෙම තත්ත්වය නිසා රෝගින් දැඩි අපහසුතාවයකට සහ  ජිවිත අවදානමකට ලක්ව ඇති බව  විගණනය මගින් පෙන්වා දි ඇත. මෙකි  උපකරණ අලුත් වැඩියා කිරිම වැනි ක්‍රියාමාර්ග මගින් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරික්ෂණ සිදුකළ යුතු රෝගින්ගේ තදබවය අවම කිරිම සදහා කටයුතු කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.



Recommended Articles