කුරුණෑගල නුවර මාර්ගයේ බරවාහන ධාවනයෙන් වලකින්නැයි ඉල්ලිමක්


නැවත දැනුම්දෙනතුරු කුරුණෑගල - නුවර මාර්ගයේ බරවාහන ධාවනයෙන් වළකින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඒ, කටුගස්තොට මංසන්ධියට ආසන්නයේ ඉදිකෙරෙමින් පවතින පස් මහල් ගොඩනැගිල්ලක් ඊයේ සවස හදිසියේ ගිලා බැස තිබීම හේතුවෙන්.

ගොඩනැගිල්ල ගිලා බැසීම හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

 



Recommended Articles