කුරුණෑගල නගරාධිපතිට බුවනෙක හෝටල් පරිශ්‍රයට ඇතුළුවීම තහනම්


මේ වන විට මහත් ආන්දොලනයකට තුඩු දී ඇති විනාශ කර දැමූ කුරුණෑගල බුවනෙක හෝටල් පරිශ්‍රයට කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසකට ඇතුළුවීම තහනම් කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කුරුණෑගල නගරාධිපති, උප නගරාධිපති, නාගරික කොමසාරිස් ඇතුළු කුරුණෑගල නගර සභාවේ පිරිසකට මෙසේ එම පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කරමින් නීතිපතිවරයා විසින් මෙම නියෝගය ලබාගෙන තිබේ.

 



Recommended Articles