කුරුණෑගල නගරාධිපතිට එරෙහි වරෙන්තුව ක්‍රියාත්මක කරනවද නැත්ද තීන්දුව හෙට


කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය යැයි පැවැසෙන ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කරන්නේද නැත්ද යන තීන්දුව හෙට දිනයේදී අභියාචනාධිකරණය ලබාදීම නියමිතව තිබේ.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස සඳහන් කරමින් නගරාධිපතිවරයා ඇතුළු කුරුණෑගල නගර සභාවේ පස් දෙනෙකු අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.



Recommended Articles