කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වයි


කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය යැයි පැවසෙන ඉපැරණි ගොඩ නැගිල්ලක් ඩෝසර කර විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකු විසින් අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් විභාගය අද දිනයේදී සිදුවූ අතර එහිදී මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.



Recommended Articles