කුරුණෑගල දඹුල්ල අධිවේගයේ පළමු කොටස රජයේ මුදලින් ඉදිකරයි


මධ්‍යම අධිවේගයේ 4 වැනි අදියර වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා ඉදිකිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ. එම කොටස අදියර දෙකක් වශයෙන් ක්‍රියාත්මක කිරිමට නියමිතය.

එහි පළමු අදියර ලෙසින් කුරුණෑගල සිට ගලේවෙල දක්වා කිලෝමීටර 38.5ක් මාර්ග කොටස රජයේ අරමුදල් භාවිත කරමින් ඉදිකිරීමට නියමිතය.  ඒ අනුව එම මාර්ග කොටස දේශිය කොන්ත්‍රාත්කරුවන් මගින් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.



Recommended Articles