කුරුණෑගල, කොළඹ දිනක ආසාදිතයන් 300 ඉක්මවයි


ශ්‍රී ලංකවෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1662ක් වාර්තා වූ අතර එය මෙරටින් එක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.

මෙම ආසාදිතයන් අතරින් 29ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි.

ඉතිරි ආසාදිතයන් දේශීයව හඳුනාගත් ආසාදිතයන් වෙයි. ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කුරුණැගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත අතර එම අගය 329කි.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 317ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 193ක් වාර්තා වී තිබේ.

ඉතිරි අසාදිතයන් 797දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලින් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් 108145

සපූර්ණ සුවය ලැබූ 95975

ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 11492

ඊයේ දිනයේදී මිය ගිය සංඛ්‍යාව 11

මියගිය සම්පූර්ණ ආසාදිතන් ගණණ 648

ත්‍රිවිධ හමුදාව යටතේ නිරෝධායනය වන සංඛ්‍යාව 10519

 



Recommended Articles