කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘතයි


 පවතින වර්ෂාපතනය හේතුවෙන්  කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 01ක්  අද (26) වනදා විට විවෘතව පවතීන බව කුකුළේ ගඟ ජලාශයේ ඉංජිනේරුවන් පවසයි.

 එමගින් තත්ත්පරයට ඝන මීටර් 45m3/s ක් කුඩා ගඟට මුදා හැරෙන අතර විදුලි උත්පාදනයේදී පිටකරන ජල ධාරිතාවය තත්ත්පරයට ඝන මිටර් 48 m3/s ක් බවත් ඒ අනුව මේ වන විට කුකුළේ ගඟ ජලාශයෙන් කුඩා ගඟට මුදාහැරෙන මුළු ජල ධාරිතාවය තප්පරයට ඝන මීටර්  93m3/s ක් බව කුකුළේ ගඟ ජලාශය බාර ඉංජිනේරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම 

.



Recommended Articles