කිසිදු පරීක්ෂණයක් නොපවත්වා මළ සිරුරක් මිහිදන් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්


පි සි ආර් හෝ පශ්චාත්  මරණ පරීක්ෂණයක් නොපවත්වා පානදුර තොටවත්ත සුසාන භූමියක මළ සිරුරක් මිහිදන් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කීපයක් අනුව විශේෂඥ වෛද්‍යවරියකගේ ප්‍රධානත්වයෙන්  ඊයේ 15 පරීක්ෂණයක් ආරම්භ කළ බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය  රත්නායක මහතා පැවසීය .

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ  ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තරංගා නවෝදනී ,පානදුර මූලික රෝහල වෛද්‍ය අධිකාරි ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරන බව  අධ්‍යක්ෂවරයා කීය



Recommended Articles